අරලියගහ මන්දිරයට ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

අරලියගහ මන්දිරයට ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට

අරලියගහ මන්දිරයට ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු බත්තරමුල්ල ප්‍රදේශය පදිංචි 34 හැවිරිදි  පුද්ගලයෙකි.

 

ජුනි මස 09 දින සැකකරු ඇතුළු කණ්ඩායමක් අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් කඩා වැදී එහි දේපළවලට හානි කර ඇති බව පොලිසිය කියයි.

 

මේ සම්බන්ධයෙන් සී.සී.ටී.වී කැමරා විමර්ශනයේ දී මෙම සැකකරු  ඊයේ  (23) හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

214 Views

Comments

arrow-up