ගජමුතු හතරක් සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

මුලතිව් සිට කොළඹ රැගෙන යමින් තිබූ ගජමුතු හතරක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සැකකරුවන් හතරදෙනෙකු සමඟ පසුගිය 09 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තුන්දෙනාගෙන් දෙදෙනෙකු ගජමුතු මුලතිව් ප්‍රදේශයෙන් මිලට ගෙන කොළඹට ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු වන අතර අනෙක් තැනැත්තා වාහනයේ රියදුරුය.
අත්අඩංගුවටපත් තිදෙනාගෙන් දෙදෙනෙකු මහව ප්‍රදේශයේ වන අතර අනෙක් තැනැත්තා නිකවැරටිය ප්‍රදේශයේ අය වෙයි.
මොවුන් මිලට ගන්නා ලද්දේ මෑතකදී මුලතිව් වැවක් අසලදී වෙඩි තබා ඝාතනය කරන ලද දළ ඇතාගේ ගජමුතු බව විශ්වාස කරන අතර වවුනියාව පොලිසිය මුලතිව් පොලිසිය සමඟ එක්ව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
සැකකරුවන් තිදෙනා වවුනියාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට වවුනියාව පොලිසිය පියවර ගෙන තිබේ.
690 Views
Comments