ෆයිසර් එන්නතේ පළමු තොගය දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

ෆයිසර් එන්නතේ පළමු තොගය දිවයිනට

ෆයිසර් එන්නතේ පළමු තොගය දිවයිනට

මෙරටට පළමු වරට හිමිවන ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000ක් අද(05) අලු‍යම  රැගෙනවිත් තිබේ.

 

ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකෙන් පළමු කොටස ලෙස එම එන්නත් මාත්‍රා 26,000 මෙරටට ලැබී ඇත.

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු පළමු අවස්ථාව ලෙසෙද මෙය සැලකේ.

 

මෙම එන්නත් තොගය ද කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය ඡන්න ජයසුමන මහතා සඳහන් කළේය.

 

 ජාතික රුධිර මධ්‍යස්ථානයේ විශේෂිත ගබඩා තුළ එම එන්නත් තොගය ගබඩා කිරීමට පියවර ගෙන තිබේ.

views

880 Views

Comments

arrow-up