බස් ගාස්තු වැඩි වෙයි

රජය යම් ප්‍රදේශයක් කොවිඩ් අවදානම් කලාපයක් ලෙස නම් කළ විට එහි ධාවනය වන සියලුම බස් රථවල ගාස්තුව ඉදිරියේදී හඳුන්වාදෙන ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව වැඩිවන බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
ඒ අනුව අදාළ ප්‍රදේශයේ අනතුරුදායක බව පහව ගිය පසුව යළිත් සාමාන්‍ය බස් ගාස්තු අය කරනු ඇත.
කොවිඩ් වසංගතය සමග ප්‍රවාහන ක්ෂේත්‍රය අර්බුද රැසකට මුහුණදී සිටින බැවින් ඊට ස්ථීරසාර විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා මෙම විශේෂ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් කරන අතර එය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය. අදාළ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය මේ වන විටත් සකස් කරමින් පවතින බවද රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.
738 Views
Comments