තැඹිලි ගසට නැග තැඹිලි වල්ල කපද්දී මන්න පහර කකුලට වැදුණු තරුණයා ගස උඩ සිහිසුන්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

තැඹිලි ගසට නැග තැඹිලි වල්ල කපද්දී මන්න පහර කකුලට වැදුණු තරුණයා ගස උඩ සිහිසුන්වෙයි

තැඹිලි ගසට නැග තැඹිලි වල්ල කපද්දී මන්න පහර කකුලට වැදුණු තරුණයා ගස උඩ සිහිසුන්වෙයි

දොඩංගොඩ විහාරස්ථානයක අඩි 30ක පමණ උසකින් යුත් ගසක තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහි පහරක් වැදීමෙන් ගස උඩ සිහිමූර්ජා වී සිටි තරුණයෙකු කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකය කළ මෙහෙයුමකින් බේරාගෙන තිබේ.

 

පොලිසිය, ප්‍රදේශවාසීන් සහ කළුතර නගර සභාවේ ගිනි නිවන නිලධාරීන් මෙහෙයුමට දායක වූ බව දොඩම්ගොඩ පොලිසිය පවසයි.

 

මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර තිබෙන්නේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

 

ඊයේ(10) දහවල් දොඩංගොඩ සුදර්ශනාරාම විහාරස්ථානයේ තැඹිලි වල්ලක් කැපීමට ඔහු ගසට නැග ඇති අතර, එහිදී තැඹිලි වල්ලට එල්ල කළ මන්නා පහරක් පාදයකට වැදී ඇතිවූ අධික රුධිර වහනය හේතුවෙන් ඔහු සිහිසුන්වී ගස උඩ සිරවී තිබේ.

 

මුදා ගැනීමෙන් අනතුරුව ඉක්මනින් තුවාලකරු නාගොඩ මහ රෝහලට රැගෙන යන ලදී. 

 

තුවාලකරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ශල්‍යකර්මයන් සිදුකිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක්  සඳහන් කළේය.

views

864 Views

Comments

arrow-up