දෙදෙනෙකුට දිවි අහිමි කල ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගයේ මාරක අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

දෙදෙනෙකුට දිවි අහිමි කල ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගයේ මාරක අනතුර

දෙදෙනෙකුට දිවි අහිමි කල ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගයේ මාරක අනතුර

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු කළ මෝටර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ(24) සිදුවූ මාරක අනතුරෙන් යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනා ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

අනතුර සිදුවීමත් සමඟ මෝටර් රථය සහ යතුරුපැදිය ගිනිගෙන විනාශ විය.

 

අනතුරින් පසු මෝටර් රථයේ ගමන්ගත් 5 දෙනාගෙන් තිදෙනෙක් පලාගොස් ඇත.

 

දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත් අතර පලාගිය තිදෙනා සොයා පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ.

 

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේග මාර්ගයේ 59 වන කිලෝමීටර් කණුව අසලදීයි එම අනතුර සිදුව ඇත්තේ.

 

ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයට ඇතුල් කරන වාහන පොලිස් භාරයට ගෙන එහි හිමිකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

views

4836 Views

Comments

arrow-up