මහින්ද ගැන කතා එපා – අය වැය ගැන විතරක් කතා කරන්න - සජිත් මන්ත්‍රීවරුන්ට කියයි

අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) දිනයේදී අසුන්ගෙන අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන් අයවැය විවාදය අතරතුරදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝගයක් නිකුත් කර තිබෙන බවට වාර්තාවනවා.
ඊයේ (17) පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම නියෝගය පැනවීමට ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නෙ.
එය දේශපාලන කරුණක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් කතා කළ යුතු නැති බවත්, අතීත සිදුවීම් උදාහරණ ලෙසින් දක්වා අදහස් ඉදිරිපත් කළ යුතු නැති බවත් මෙහිදී ප්‍රේමදාස මහතා මහන්ත්‍රීවරුන්ට අවධාරණය කොට තිබේ.
759 Views
Comments