ජැක්සන්ව අයිසීයූ යැවූ වල් අලියාට වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ජැක්සන්ව අයිසීයූ යැවූ වල් අලියාට වූ දේ

ජැක්සන්ව අයිසීයූ යැවූ වල් අලියාට වූ දේ

අනුරාධපුර තලාව ප්‍රදේශයේදී අනතුරකින් ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇතත් එම අනතුරින් අනතුරට ලක්වූ වල් අලියාට බරපතළ තුවාල සිදුවී නොමැති බව වනජීවී නිලධාරියෙකු තහවුරු කොට තිබේ.

 

මූලික වාර්තා අනුව සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව අනතුරින් පසු අලියා අසල කැලයට පලාගොස් ඇති අතර අලියාගේ ඇවිදීමේ විලාසයේ වෙනසක් නොපෙනී ඇති නිසා අලියාගේ තුවාල බරපතළ නොවන බව අප විශ්වාස කරන බව ජ්‍යෙෂ්ඨ වනජීවී නිලධාරියා පැවසීය.

 

“සමහර ගම්මුන් දැකලා තියෙනවා අලියා කැලේට පැනලා ආයෙත් රංචුව එක්ක එකතු වෙලා ඉන්නවා. අලියට මාරාන්තික තුවාලයක් නැහැ. නමුත් අපේ කණ්ඩායම දැනටමත් සතා සොයාගෙන ප්‍රතිකාර කිරීමට පිටත් කර යවලයි තියෙන්නේ. අලියා සොයා ගන්නා තුරු තුවාල කෙතරම් දරුණු දැයි අපට කියන්න බෑ,” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 

පසුගිය සෙනසුරාදා රාත්‍රි අනුරාධපුර තලාව ප්‍රදේශයේදී වල් අලියකුගේ ඩබල් කැබ් රථයක ගැටීමෙන් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි සහ පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

views

324 Views

Comments

arrow-up