දැන් ගිහින් ආපහු උදේ එනවා, නැත්නම් බෙල්ල ගලවලා අතට දෙනවා - දරු ප්‍රසූතියට ගිය ගැබිනි මවට පාට් දැමූ දොස්තර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

දැන් ගිහින් ආපහු උදේ එනවා, නැත්නම් බෙල්ල ගලවලා අතට දෙනවා - දරු ප්‍රසූතියට ගිය ගැබිනි මවට පාට් දැමූ දොස්තර

දැන් ගිහින් ආපහු උදේ එනවා, නැත්නම් බෙල්ල ගලවලා අතට දෙනවා - දරු ප්‍රසූතියට ගිය ගැබිනි මවට පාට් දැමූ දොස්තර

දරුවකු ප‍්‍රසූත කිරීම සඳහා මූලික රෝහල වෙත ගිය ගැබිනි මාතාවකට බැණ තර්ජනය කළ පොල්පිතිගම ප්‍රදේශයේ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් එම ගැබිනි කාන්තාවගේ සැමියා විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට, පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාපතිවරයාට හා දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව පැමිණිලිකර ඇත.


 
‘‘තමුසෙට මම කියන සිංහල තේරෙන්නෙ නැද්ද.?

දැන් ගිහින් ආපහු උදේ එනවා. දැන් හිටියොත් යවනවා කුරුණෑගල.

නැත්නම් බෙල්ල ගලවලා තමුසෙ අතට දෙනවා බල බල ඉන්න.’’

යනුවෙන් සිය බිරිඳ බියගන්වමින් තර්ජනය කළ බව එම සැමියා ලිපියක් මඟින් මෙලෙස දැනුම් දී තිබේ.


 
වෛද්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් දරුවා ප්‍රසූත කිරීමට සිටි තම ගැබිනි බිරිඳ දැඩි ලෙස කම්පනයට පත් වූ බවත්, පසුව එම රෝහලේ මොහොතක්වත් රැඳී නොසිට ඇයව ඉක්මනින් තඹුත්තේගම රෝහල වෙත රැගෙන ගිය බවත් ඔහු සිය පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කොටඇත.

views

809 Views

Comments

arrow-up