කොරෝනවෙන් දින 46 ක් වයසැති බිළිඳෙකු මිය යයි

දින 46ක් වයසැති බිලිඳෙකු අද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදි මියගොස් තිබෙන බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය පවසනවා.
මෙම බිලිඳාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබු බවත් උත්පත්තියේදීම පෙනහළු ආශ්‍රිතව හටගෙන තිබු නියුමෝතෙරෙක්ස් රෝගයෙන් පෙළෙමින් සිටිය බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.
මෙය මෙරටින් වාර්තා වන දෙවන ලාබාලතම කොවිඩ් ආසාදිත මරණය ලෙස සැලකෙනවා
මෙම බිලිඳා කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා
දෙසැම්බර් 8 වන දින දින 20 ක් වයසැති බිළිඳෙකු කොවිඩ් -19 සමඟ එම රෝහලේදීම මිය ගියා
649 Views
Comments