ඊයේ දිනයේ දී ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

ඊයේ (20) දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 160ක් වාර්තා වු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 71ක් හා කළුතරින් ආසාදිතයින් 21ක් ද ලෙස වාර්තා වී ඇත.
ඊයේ දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 439 දෙනෙක් වාර්තා වු අතර, ඉන් දේශීයව පුද්ගලයින් 435ක් හා විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීක මුහුදු ආරක්ෂකයෙකු ද වේ.
ඊයේ දිනය වන විට මෙරට පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 19,279ක් වන අතර, රෝහල්ගත ආසාදිතයින් ගණන 5,935ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 74ක් විය.
714 Views
Comments