කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන ඉහළට

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන ඉහළට

කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

 

 

ඒ අතරින් 107 දෙනෙකු කාන්තා රැඳවියන්ය

 

 

ඊයේ දිනයේ පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 68 දෙනෙකු, කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් 13 දෙනෙකු සහ මහර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.

 

 

එමෙන්ම මේ වනවිට බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

 

views

702 Views

Comments

arrow-up