ජනපති සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

ජනපති සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් යන මහතා අතර හමුවක් ඊයේ (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

 

නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ, රට තුළ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව රටක් වශයෙන් නැඟී සිටීම ගැන මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පුදුමයට පත්වූ බවයි.

 

එමෙන්ම ආර්ථික අර්බුදයෙන් මාලදිවයිනට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් මෙහිදී පෙන්වා දී ඇත.

 

මේ අතර රාජ්‍ය නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණෙන ලෙසද කලීල් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනා කර තිබේ.

 

මෙහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳ ජනාධිපතිවරයාද සිය ප්‍රශංසාව ප්‍රකාශ කර ඇත.

 

මෙම අවස්ථාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ්, විදේශ ලේකම් ෆාතිමත් ඉනායා, අමිනාත් අබ්දුල්ලා ඩිඩී යන මහත්ම  මහත්මීහු එක්වූහ.

views

95 Views

Comments

arrow-up