වැලිගමදී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

වැලිගමදී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක්

වැලිගමදී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක්

බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ වැලිගම පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් ගැටී අද (14) පෙරවරුවේ අනතුරක් සිදුව ඇත.

 

අනතුරින් වෑන් රථය දැඩි අලාභ සිදුව ඇති අතර, රියදුරාට සුළු තුවාල සිදු තිබේ.

 

මෙම වෑන් රථය සංචාරකයින් රැගෙන යාමට භාවිතා කරනු ලබන රථයක් බව පොලීසිය පවසයි.

 

කෙසේ නමුත් අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු පමණක් සිට ඇත.

 

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ස්ථාපිත අනතුරු ඇඟවීමේ සීනුව මෙන්ම ආලෝක සංඥා පද්ධතිය ක්‍රියාවිරහිතව පැවති බව වාර්තා වේ.

 

ඒ අනුව මෙම අනතුර හා අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක නොවීම පිළිබඳ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

views

99 Views

Comments

arrow-up