රථවාහන දඩමුදල් ගෙවීමට සහන කාලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

රථවාහන දඩමුදල් ගෙවීමට සහන කාලයක්

රථවාහන දඩමුදල් ගෙවීමට සහන කාලයක්

අප්‍රේල් 11 සහ 12 දෙදින රජයේ නිවාඩු වූ නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා අප්‍රේල් 23 දක්වා සහන කාලයක් ලබා දී තිබේ.

 

 

ඒ අනුව මාර්තු 29 වනදා සිට අප්‍රේල් 12 දක්වා (එම දින දෙකද ඇතුළත්ව) නිකුත්කර ඇති දඩ පත්‍රිකා අතිරේක ගාස්තු රහිතව 23 වනදා දක්වා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවිය හැකි බව තැපැල්පතිවරයා අවධාරණය කරයි.

 


මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව මෝටර් වාහන පනතේ 215 (අ) වගන්තිය අනුව දඩමුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා මෙම දඩමුදල් ගෙවීමට 23 වනදා දක්වා සහන කාලයක් ලබා ද ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් කීය.

views

569 Views

Comments

arrow-up