පොල්ලෙන් ගසා පියාව මරා කුණු වලකට දැමූ නරුම අජාසත් පුතා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

පොල්ලෙන් ගසා පියාව මරා කුණු වලකට දැමූ නරුම අජාසත් පුතා අත්අඩංගුවට

පොල්ලෙන් ගසා පියාව මරා කුණු වලකට දැමූ නරුම අජාසත් පුතා අත්අඩංගුවට

පුතෙකු විසින් මෝල්ගසකින් පහරදී තම පියා ඝාතනය කල පුවතක් කුරුවිට, බටතොට ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

 

පුද්ගලික ආරවුලක් මත එම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය කියයි.

 

ඉකුත් 26 වනදා බටතොට ප්‍රදේශයේ කුණු වළක වැටී පුද්ගලයෙකු මියගොස් අති බවට කුරුවිට පොලීසියට මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පැමිණිල්ලක් කර තිබුණි.

 

මරණය සැක සහිත බවට එම කාන්තාව විසින් කුරුවිට පොලීසියට පවසා තිබුණි.

 

පොලීසිය විසින් ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයකින් පසුව එම මරණය ඝාතනයක් බවට හෙළිදරව් වී ඇත.

 

එලෙස මියගොස් තිබෙන්නේ 57 හැවිරිදි බටතොට, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඝාතනය සිදුකළ සැකකාර 22 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

views

809 Views

Comments

arrow-up