මධ්‍යම අධිවේගයට දයාගේ සමාගමෙන් දැමූ කොන්ත්‍රාත්තුව කැබ්නට් මණ්ඩලය අහෝසි කරයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දිවෙන දෙවන කොටසේ ඉදිකිරීම් ප්‍රමාද කළ හිටපු ඇමති දයා ගමගේ මහතාට අයත් ඔලිම්පස් සමාගමට ලබාදී තිබු කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට අද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම අදාල සමාගමට දැනුම් දී ඇති අතර එය දිගින් දිගටම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශකර සිටියා.
මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබාදී තිබියදී ඉදිකිරීම් ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බව අමාත්‍යවරයා වැඩි දුරටත් හේතු සහිතව පෙන්වා දුන්නා.
800 Views
Comments