අලුත්ම ආසාධිතයින් සිව්දෙනාට වෛරසය ආසාධනය වු ආකාරය ප්‍රහේලිකාවක්

ඊයේ (05) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 20 දෙනා ගෙන් 15 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
වාර්තා වු අනෙක් රෝගීන් 05 දෙනා රාජගිරිය, කොළොන්නාව, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුලින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.
රාජගිරියේ, බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගීයා ත්‍රිරෝද රථ රියදුරෙක් බව අනාවරණය වී තිබෙනවා. මේ අතර කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගී පුද්ගලයා සමුපකාරයේ රියදුරුවරයෙක් ලෙස වාර්තා වනවා.
එමෙන්ම ඊයේ දිනයේදී කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියකටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබුණා.
මෙම රෝගීන් තිදෙනාට සහ කොරෝනා ආසාධනය වීමෙන් මියගිය මෝදර ප්‍රදේශයේ කාන්තාවට එම වෛරසය ආසාධනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු හෙළිවී නොමැති බවයි වාර්තා වන්නේ.
1360 Views
Comments