රටේ ඉතිරි ඉන්ධන සංචිත ගැන හරියටම මෙන්න

මේ වන විට මෙරට ඩීසල් සංචිත මෙට්‍රික්ටොන් 12774 ක්,ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 1114 ක්,ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 2647 ක් හා සුපර් ඩීසල් මෙට්‍රික්ටොන් 233 ක් තෙල් සංස්ථා සතු ගබඩා වල පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඒසේම ගුවන යානා වලට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික්ටොන් 500 ක් සහ විදුලිබලාගාර වලට අවශ්‍ය දැවිතෙල් මෙට්‍රික්ටොන් 29000 ක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද දින සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි සාමාන්‍ය දිනක මෙරට පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 3000 ක් වන අතර ඩීසල් අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 6000 කි
297 Views
Comments