පාඨලී - සජිත් ගැටුමක් - පාඨලී සජබයෙන් යන්න යයි

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත් වී තිබේ.
ඒ ඔහුට එම සන්ධානයේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම හා ඔහුගේ පක්ෂයට දිස්ත්‍රික් කෝඨාවන් බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් මතයි.
සමගි ජන සන්ධානය සහ තම පක්ෂය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර ඇති නිසා මෙවර මැතිවරණයට තරග නොකරන බවද චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
182 Views
Comments