උගුල් අටවන්නන්ට දැඩි නීති

වනසතුන් දඩයම් කිරීම සඳහා උගුල් අටවන අයට සහ දඩ මස් අලෙවි කරන අයට එරෙහිව දැනට අධිකරණය හමුවේ ලබාදෙන දඩුවම්වලට වඩා දැඩි දඩුවම් ලබාදීමට අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා.
වන සතුන් දඩයම් කිරීම සඳහා වනජිවි කලාපවල, වන සංරක්ෂණ ප්‍රදේශවල සහ තේ වතු ආශ්‍රිතව උගුල් අටවන අය අත්අඩංගුවට ගැනීම සඳහා වනජිවි දෙපාර්තුමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වන විටත් වැඩසටහනක් දියත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
652 Views
Comments