හොර කුරුම්බා බිව් තරුණයාට වෙඩි තබා මැරූ ඇමති සොයුරා නිදහස් - චෝදනා ඔප්පු කර නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

හොර කුරුම්බා බිව් තරුණයාට වෙඩි තබා මැරූ ඇමති සොයුරා නිදහස් - චෝදනා ඔප්පු කර නෑ

හොර කුරුම්බා බිව් තරුණයාට වෙඩි තබා මැරූ ඇමති සොයුරා නිදහස් - චෝදනා ඔප්පු කර නෑ

තම වත්තට පැන කුරුම්බා ගෙඩි හතරක් කඩා බිව්වේ යැයි කියන 17 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ පුර්වගාමි මහාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා ඊයේ(15) නියෝග කළේය.

 

පැමිණිල්ල විසින් ගොනු කර තිබෙන අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමනය කරනු ලැබූ විනිසුරුවරයා එම නියෝගය ලබාදුන්නේය.

 

2008 වසරේ දෙසැම්බර් 14 වැනිදා තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ රාජගිරිය, ඔබේසේකරපුර, මොරගහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අමාත්‍යවරයකුගේ ඥාති සොහොයුරෙකු යැයි කියන එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

 

 වෙඩි තැබීමේ සිද්ධිය ඇසින් දුටු බව කියන මරණකරුගේ මිත්‍රයෙකු වන අමිල ප‍්‍රසාද් නමැති තරුණයා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ලඝු නොවන නඩු විභාගය පැවැත්වෙමින් තිබියදී අතුරුදන්ව ඇති බවට වැලිකඩ පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණි.

views

1645 Views

Comments

arrow-up