තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට

තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට

තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

 

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

 

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙම නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙක භාවිතයෙන් ඉවත් කළ බව වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

 

 

එම ඉවත් කළ නිර්වින්දන ඖෂධ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ලැබී ඇති බැවින් ඒවා රෝහල් වෙත යොමු කිරීමට කටයුතු කරන බව වෛද්‍යවරයා සඳහන් කරයි.

 

 

කිසිවිටකත් ප්‍රමිතියෙන් තොරවූ ඖෂධ ගෙන්වීමට අවසරයක් නොමැති බවත් සෑම විටම ඖෂධ ආනයනය සිදුකරන්නේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ප්‍රමිතීන්ට අනුව බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.

 

 

නමුත් යම් යම් අවස්ථාවලදී ඇතැම් ඖෂධ භාවිතයේ දී සංකූලතා ඇති වන අතර, එවැනි අවස්ථාවන්හීදී එම ඖෂධය භාවිතයෙන් ඉවත් කරන බවත් එය සාමාන්‍යයෙන් සිදුකරන ක්‍රියාපටිපාටිය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් පැහැදිලි කළේය.

views

134 Views

Comments

arrow-up