මීගමුව බන්ධනාගාර පාටියේ වීඩියෝව මෙන්න (VIDEO)

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සාදයක් දමමින් විනෝද වෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අරුණ පුවත් පතෙහි වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ගේ කාලයේ දී මීගමුව බන්ධනාගාර රැඳවියා ශීතකරණ හා විදුලි උදුන් ආදී භාණ්ඩ පරිහරණය කරමින් ගත කළ සුඛෝපභෝගී ජීවිතයේ තවත් පැතිකඩක් මේ වීඩියෝ පටත් සමග අනාවරණය කරගැනීමට බන්ධනාගාර ආරක්ෂක අංශ සමත් වී ඇති බවයි.
එම වීඩියෝවේ බොහෝ තැන්වල රැඳවියන් ජංගම දුරකථන වලින් කතා කරන අයුරුත් ජංගම දුරකථන බැටරි ආරෝපණය කිරීමට විදුලි පරිපථ සම්බන්ධ කර ඇති අයුරු දක්නට ලැබෙන බව එහි සඳහන්.
බන්ධනාගාරයේ සාද පවත්වමින් නීතිය වල් වැදී ඇති අයුරු පෙනෙමින් තිබෙද්දීත් අනුරුද්ධ සම්පායෝ මීගමු බන්ධනාගාර අධිකාරිවරයා බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස්ව සිටින බවත් පෙන්වා දී තිබෙනවා.
Source : අරුණ
786 Views
Comments