ශානි අබේසේකර අද පාස්කු කොමිසම හමුවට

2019 පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම හිටපු රහස් පොලිසියේ ප්‍රධානී ශානි අබේසේකර මහතාගෙන් අද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළඳීම හේතුවෙන් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණීමට හැකියාව ලැබුණේ නැහැ.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද දිනයේ මොහු කොමිසම හමුවට ඉදිරිපත් කරනු ඇත.
මෙම මස 31 වනදායින් පසු පාස්කු කොමිසමේ කාලය අවසන් වීමට නියමිතයි.
743 Views
Comments