පෙබරවාරි මාසයේ අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ස්ථාවර මිලට

පෙබරවාරි මාසයේ සිට අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ස්ථාවර මිලක් යටතේ දිවයින පුරා පිහිටි සතොස සහ සමුපකාර අලෙවි සැල් මගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සහල්, පිටි, සීනි, පරිප්පු, ලූණු, කඩල, හාල්මැස්සන්, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් මෙලෙස ස්ථාවර මිලක් යටතේ මාස 6 ක කාලයක් පාරිභෝගිකයින් වෙත අලෙවි කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා
ස්ථාවර මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර වර්ග සැපයීමට හැකි සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීම ඉදිරි දිනවල සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
686 Views
Comments