රනිලුත් අගමැතිට පිටුපායි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

රනිලුත් අගමැතිට පිටුපායි

රනිලුත් අගමැතිට පිටුපායි

අග‍්‍රාමත්‍ය මහින්ද  රාජපක්ෂ මහතා විසින් කැදවා තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ රැස්වීමට සහභාගී නොවීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරනා එක්සත් ජාතික පක්ෂයද තීරණය කර තිබෙනවා. 

 


මෙම රැස්වීමට තම නියෝජිතයන් සහභාගී නොවන බවයි සජිත් ප්‍රේමදාස හිටපු මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සහ අනුර කුමාර දිසානායක හිටපු මන්ත්‍රීවරයා නායකත්වය දරනා ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර කියා සිටියේ. 

 


එසේ තිබියදී මෙම රැස්වීමට තම නියෝජිතයන් සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂය ඊයේ පැවසුවා. එහෙත් පවතින අලූත් තත්ත්වය යටතේ ඊට සහභාගී නොවීමට අද තීරණය කළ බවයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

 

views

949 Views

Comments

arrow-up