සහල් මිල දෙගුණ වන බව මෝල් හිමියෝ කියති

වී අලෙවි මණ්ඩලය විසින් වැඩි මිලට වී මිලදී ගතහොත් සහල් මිල දෙගුණ වනු ඇති බව සහල් මෝල් හිමියන් විසින් සඳහන් කළහ.
කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක දී සහල් මෝල් හිමියන් මේ බව අමාත්‍යවරයාට සඳහන් කරන ලදී.
කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ හාල් මෝල් හිමියන් සහ අමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි.
මෝල් හිමියන් බහුතරයක් කියාසිටියේ වී මිල අඩු නොකළ හොත් සහල් මිල පවත්වාගෙන යාමට අසීරු බවත් මණ්ඩලයේ මිලට වී මිලදී ගතහොත් සහල් මිල දෙගුණ වන බවත්ය.
වී අලෙවි මණ්ඩලය විසින් නාඩු කිලෝව 120, සම්බා කිලෝවක් 125, කීරි සම්බා කිලෝව 130ටත් මිලට ගනියි.
පෞද්ගලික අංශයට වී මිලට ගන්නේ ඊට වඩා අඩු මිලකටයි.
216 Views
Comments