බකමූණේ යතුරුපැදි අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

බකමූණ ප්‍රදේශයේදී ස්ථාන දෙකක සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි බකමූණ පොලීසිය පවසයි.
බකමූණ, යාය 06 ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් සඳුන් සම්පත් බණඩාර නමැති තිස් එක් හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
මේ අතර යතුරුපැදිය තම නිවසට ආසන්නයේදී බල්ලෙකුගේ හැපීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යාය 06, සිරිකඳුයාය පදිංචිව සිටි මේනකා ශ්‍යාමලී කුමාරී වර්ණකුලසූරිය නැමැති හතගිස් එක් හැවිරිදි කාන්තාවක මියගොස් ඇත.
833 Views
Comments