35 වන පොලිස්පතිවරයා ලෙස සි.ඩි. වික්‍රමරත්න අද වැඩ භාර ගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

35 වන පොලිස්පතිවරයා ලෙස සි.ඩි. වික්‍රමරත්න අද වැඩ භාර ගනියි

35 වන පොලිස්පතිවරයා ලෙස සි.ඩි. වික්‍රමරත්න අද වැඩ භාර ගනියි

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සි.ඩි.වික්‍රමරත්න අද දින උදෑසන පොලිස් මුලස්ථානයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

 

1986 ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස සේවයට එක්වූ එතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ BSc මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ MSc උපාධිධාරයෙක් වනවා.

 

මිට අමතරව බ්‍රැඩ්ෆොර්වඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබෙනවා.

 

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව අප්‍රේල් 28 වෙනිදා සිට මේ දක්වා ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

 

අභිනව පොලිස්පතිවරයා වසර 34ක කාලයක් සිය සේවා සම්පුර්ණය කර තිබෙනවා.

 

 

 

views

555 Views

Comments

arrow-up