NOV
19
තිහගොඩ පාසල් සිසුවාට වෙඩි තැබූ පොලිස් නිලධාරියා යළි රිමාන්ඩ්

මාතර තිහගොඩ ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියට අත්අඩංගුවට ගැණුනු උප පොලිස් පරීක්ෂකවරයා ලබන මස 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) නියෝග කර තිබුණි.
පසුගිය 28 වනදා මාතර තිහගොඩ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් තුළ සිටි පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 15 හැවිරිදි පාසල් සිසුවා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
201 Views
Comments