නිවසක් මතට ගල් පෙරලී අඹුසැමි යුවල නිදියහනේදීම මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

නිවසක් මතට ගල් පෙරලී අඹුසැමි යුවල නිදියහනේදීම මරුට

නිවසක් මතට ගල් පෙරලී අඹුසැමි යුවල නිදියහනේදීම මරුට

අධික වර්ෂාවත් සමඟ කුරුණෑගල, දොඩම්ගස්ලන්දපුර ප්‍රදේශයේ නිවසක් මතට ගල් පෙරලී සිදුවූ අනතුරකින් එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවලක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

ඊයේ(09) රාත්‍රී 11.30ට පමණ සිදුවූ එම අනතුරින් මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 65ත් 75ත් අතර වයසේ පසුවූ යුවලක් බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. 

 

මියගිය දෙදෙනාගේ සිරුරු නිවසේ සුන්බුන් අතර තිබීයදී අද(10) අලු‍යම සොයාගෙන තිබේ.

 

මේ අතර කෑගල්ල හත්නාගොඩ ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. 

 

නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එලෙස ඔවුන් අතුරුදන්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේය. 

 

අනතුරින් අතුරුදන්ව ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි පියා සහ පුත්‍රයායි.

 

හානියට පත්වූ නිවසේ සුන්බුන් අතර සිරවී සිටි මව ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇති අතර එම කාන්තාව කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

 

අතුරුදන්වූ පියා සහ පුත්‍රයා සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

views

734 Views

Comments

arrow-up