අලුත් කොරෝනා ප්‍රභේද වලට WHO ග්‍රීක අකුරු දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

අලුත් කොරෝනා ප්‍රභේද වලට WHO ග්‍රීක අකුරු දෙයි

අලුත් කොරෝනා ප්‍රභේද වලට WHO ග්‍රීක අකුරු දෙයි

මේ වන විට සොයාගෙන තිබෙන බ්‍රිතාන්‍ය කොෝනා ප්‍රභේදය ඉන්දියානු කොරෝනා ප්‍රභේදය අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය ඇතුළු නව කොරෝනා වෛරස ප්‍රභේද ග්‍රීක අකුරින් නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.

 

ඒ අනුව 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී බ්‍රිතාන්‍යයන් සොයාගත් B. 1.1.7 නම් කොරෝනා ප්‍රභේදය Alpha ලෙස නම් කර ඇත.

 

2020 වසරේ මැයි මාසයේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් B. 1.351 කොරෝනා ප්‍රභේදය Beta ලෙසින්ද,

 

2020 නොවැම්බර් මස බ්‍රසීලයෙන් සොයාගත් P.1 කොරෝනා ප්‍රභේදය Gamma ලෙසත්,

 

2020 ඔක්තෝම්බර් මාසේ ඉන්දියාවෙන් සොයා ගත් B. 1.617.2 කොරෝනා ප්‍රභේදය Delta ලෙසත් නම් කර තිබෙනවා.

 

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට නව කොරෝනා ප්‍රභේද ලෙසින් කොරෝනා ප්‍රභේද 10 ක් මෙලෙස ග්‍රීක අකුරු වලින් වර්ගීකරණය කර තිබෙනවා.

 

 

 

views

1138 Views

Comments

arrow-up