කොවිඩ් එන්නත ඉල්ලා ග්‍රාම නිලධාරීවරුන් හෙට සිට වර්ජනයේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

කොවිඩ් එන්නත ඉල්ලා ග්‍රාම නිලධාරීවරුන් හෙට සිට වර්ජනයේ

කොවිඩ් එන්නත ඉල්ලා ග්‍රාම නිලධාරීවරුන් හෙට සිට වර්ජනයේ

ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු කරන ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසට කොවිඩ් එන්නත ලබානොදීමට එරෙහිව විරෝධය පල කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රාම නිලධාරීවරුන් වැඩ වර්ජනයක නිරත වීමට සූදානමක් ඇති බව වාර්තා වේ.

 

වෛද්‍ය නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන්ට විශේෂ සැලකිලි දක්වමින් ඔවුන්ට එන්නත් ලබාදීමට විරෝධය පළ කරමින් බොහෝ සෞඛ්‍ය වෘත්තිය සමිති ඊයේ දිනයේත් රජයට අනතුරු ඇඟවීම් කර තිබුණි. එම විරෝධතා හමුවේ ඇමතිවරය සහ වෘත්තීය සමිති අතර ඇති වූ සාකච්ඡාවකින් අනතුරුව අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ද පවුල්වල සාමාජිකයින්ට එන්නත ලබා දෙන බවට අද පොරොන්දුවක් සමග ඇතැම් වෘත්තිය සමිති සිය වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කලා.

 

 

 

 

 

 

 

source: hirunews

views

487 Views

Comments

arrow-up