ග්‍රාම නිළධාරිවරියට පහරදුන් පොහොට්ටු මන්ත්‍රිනීගේ පක්ෂ සාමාජිකත්වය අවලංගු කෙරේ

ඇල්කඩුව තාලිංගාමඩ වසමේ ග්‍රාම නිලධාරීවරියට පහර දුන්නා යැයි කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී එරන්දිකා කුමාරිගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මෙම පහර දීමේ සිද්ධිය පසුගිය පසුගිය 16 වැනි දා සිදු වී තිබුණු අතර පහරදුන් මන්ත්‍රීනිය අත්අඩංගුවට ගැනීමට බලකරමින් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියළුම ග්‍රාම නිලධාරීන් සිය සේවා වලින් ඉවත් වී තිබුණා. ඉන් පසුව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරිය රුපියල් 50,000 ක ශරීර ඇප මත නිදහස් කිරීමට අධිකරණය තීරණය කළා.
ඒ අනුව පරීක්ෂණ අවසන් වී නිශ්චිත තීරණයකට එළඹෙන තුරු ඇගේ පක්ෂ සාමාජිකත්වය අවලංගු කිරීමට පියවර ගත් බව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
886 Views
Comments