අධික වේගයෙන් යතුරුපැදි ධාවනය ගැන පොලිසිය දැඩි අවදානයෙන්

මහාමාර්ග වල රාත්‍රී කාලයේ අධික වේගයෙන් යතුරුපැදි ධාවනය ගැන අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ,
''මහාමාර්ගය ඒ ආකාරයේ කටයුත්තක් සඳහා යොදා ගන්න බෑ.
වාහන අඩු වෙලාවට මේ වගේ රේස්යන්න උප සංස්කෘතියක් ඇතැම් ප්‍රදේශවල නිර්මාණය වෙලා තියෙනවා
තරුණයෝ අතර. ඒ සඳහා කිසිසේත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ.” යනුවෙනුයි.
මාර්ගවල රාත්‍රී කාලයේ අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන තිබෙන බවත් මේ වන විටත් යතුරු පදී 20 අත්අඩංගුවට ගෙන තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළා
විවිධ වර්ගයේ නාද රටා සහිත සයිලන්සර් සවිකරගෙන යන විවිධ බල්බ, සැරසිලි ආදිය එකතු කරලා තියෙන යතුරුපැදි ගැන සොයා බලන බව ඒ මහතා ප්‍රකාශ කළා
565 Views
Comments