වියළි කහ හොර පාරෙන් මෙරටට ගෙන්වූ දෙදෙනෙක් අත්අඩංගුවට

ආරක්ෂක අංශ පවසා සිටියේ පූනරීන් පොලීසියට ලැබුණු තොරතුරක් මත පූනරීන් ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ලොරි රථයකින් ප්‍රවාහනය කළ වියළි කහ කිලෝග්‍රෑම් 1157ක් සමග ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
තවත් වියළි කහ කිලෝග්‍රෑම් 1000ක් , මන්නාරම යුද හමුදා මාර්ග බාධකයකදී සැක කටයුතු ලොරියක් පරීක්ෂා කිරීමේදී හමු වූ අතර ඒ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධීව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් මෙරට විවිධ ප්‍රදේශයන්ට ප්‍රවාහනය කරමින් සිටි වියළි කහ තොගයක් වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
780 Views
Comments