මුහුදු සත්ත්ව ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවේ

නීතිවිරෝධීව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන මුහුදු කූඩැල්ලන් සහ මුහුදු කටුස්සන් ඇතුළු සත්ත්ව ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.
ඒ තමිල්නාඩු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 300කට ආසන්න සංඛ්‍යාවක් සිය භාරයට ගැනීමත් සමඟ වන අතර ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබූ තමිල්නාඩුවේ රාමනාදන්පුරම් හි වෙඩලායි වෙරළ තීරයේ දී එම මුහුදු කූඩැල්ලන් තමිල්නාඩු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිය භාරයට ගෙන තිබේ.
එම නීති විරෝධී සතත්ව විශේෂ බෝට්ටු 24කින් මෙරටට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අදාළ කූඩැල්ලන් තොගයේ වටිනාකම රුපියල් මිලියන දෙකකට අධික වන බව තමිල්නාඩු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 7දෙනෙකු තමිල්නාඩු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට මුහුදු කූඩැල්ලන්, මුහුදු කටුස්සන් මෙන්ම ඩොල්ෆින් කරමල් ද නීති විරෝධිව මෙරටට ප්‍රවාහනය කරන බවට මෙහිදි තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
738 Views
Comments