ලක්ෂ දෙකක අල්ලසක් ගත් ඉඩම් නිලධාරියාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ලක්ෂ දෙකක අල්ලසක් ගත් ඉඩම් නිලධාරියාට වැඩ වරදී

ලක්ෂ දෙකක අල්ලසක් ගත් ඉඩම් නිලධාරියාට වැඩ වරදී

ඉඩම් ඔප්පුවක් පිළියෙල කිරීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබා ගත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අල්ලස් නිලධාරීන්ට කර තිබූ පැමිණීල්ලකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර ඉඩම් නිලධාරීයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසුවේය.  

 

ඉඩම් ඔප්පුවක් සැකසීම සඳහා සැකකාර ඉඩම් නිලධාරියා විසින් කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ අතර එයින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඊයේ (22) දිනයේ අදාළ ඉඩම් නිලධාරියා විසින් ලබා ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු 33 හැවිරිදි පොළොන්නරුව, කුසුම්පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන්ය.

 

අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

views

211 Views

Comments

arrow-up