වත්තලදී කෝටියක අයිස් සමග පාතාල කෙරුමෙක් දැලේ

වත්තල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි මිලිග්‍රෑම් හයක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු වන කුඩු සෙල්වි ගේ පුත්‍රයා වන පලනි ශිරාන් ගේ ප්‍රධාන ගෝලයෙකු, විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සැකකරු පුද්ගල ඝාතන සිදු කිරීම හා ඝාතන සඳහා අනුබලදීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අයෙකු ද වන බව සඳහන් වේ. මෙම සැකකරු වයස අවුරුදු විසි හතරක අයෙක් වන අතර ජම්පටා වීදිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද සඳහන් වේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු පොලිස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති බව විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සඳහන් කර සිටී.
261 Views
Comments