ඊයේ කොරෝනා රෝගීන් 137යි - ඔවුන් ගැන සම්පූර්ණ තොරතුරු

දිනක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වුවා. නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 137 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1319ක්.
මිට පෙර වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුයේ ඉකුත් අප්‍රේල් මස 27 වෙනිදායි. එදින රෝගීන් 65 දෙනෙකු වාර්තා විය.
අවසන් වරට වාර්තා වූ රෝගීන් දෙදෙනා හැර අද දිනයේ වාර්තා වූ රෝගීන් ගෙන් 127 දෙනෙකු කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු රෝගීන් 08 දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
මේ වන විට කොරෝනා ආසාදනය වූ රෝගීන් 712 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 597ක් වනවා.
925 Views
Comments