ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘ශීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම් ගුවන් සම්මාන උළෙලේදී විශිෂ්ටතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මාන දිනාගැනීමට සමත්විය.
අපද්‍රව්‍ය සහ ඉවත දමන ද්‍රව්‍ය භාවිතකරමින් නිෂ්පාදන කිරීමේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ‘මතක’ ව්‍යාපෘතිය මෙහිදී සම්මාන හිමිකරගත්තේය.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉවත දැමූ ගුවන් සේවයේ නිල ඇඳුම් සහ ගුවන් යානා අභ්‍යන්තර කොටස් ආදි අපද්‍රව්‍ය යොදාගෙන ‘මතක’ සන්නාමය යටතේ සංචාරක බෑග්, මුදල් පසුම්බි, පොත්පත්, යතුරු රදවන සහ ආභරණ ඇතුළු සුවිශේෂි නිෂ්පාදන රැසක් ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
231 Views
Comments