වැඩි ආරක්ෂාවට සීයා ළඟ තබා ගිය බාලවයස්කාර දැරිය 71ක් හැවිරිදි සීයාගෙන් ගැබ්ගනී - නරුම සීයා රිමාන්ඩ්

බළන්ගොඩ හැරමිටිගල ප්රදේශයේ නිවසක රැකවරණය පතා සීයා ළඟ තම දැරිය තබා තේ දළු නෙලීමට මව ගිය අතරතුරේ 14 හැවිරිදි දැරිය ගැබිනියක් කළ 71 හැවිරිදි පුද්ගලයෙකු මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළන්ගොඩ මහේස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
රටේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා සිය දියණිය පාසල් නොයන බැවින් ඇය තමන්ගේ පියා ළග රැකවරණයට තබා දෙමව්පියන් රැකියාවට යෑම සිරිතක් වශයෙන් කිහිපවිටක් සිදු කර තිබේ.
මේ අතරේදී දැරියගේ සීයා විසින් දැරියව බිය ගන්වා මෙම අපරාධය සිදුකර තිබේ.
දැනට මෙම දැරිය බළන්ගොඩ මූලික රෝහලේ සිටින බවත් පී.සී.ආර්. වාර්තාව ලද පසු මාතෘ නිවාසයකට දරුවා බිහි වන තුරු භාරදීමට කටයුතු කරන බවත් පරීක්ෂණ මෙහෙයවන බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්ර.පො.ප පාලිකා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
9911 Views
Comments