JAN
05
ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමරිකාවෙන් රැකියා 550ක්

ශ්‍රී ලංකාවේ විදේශ රැකියා නියෝජිතායතනය සමග එක් ව ඇමරිකාවේ රැකියා අවස්ථා 550ක් ලබා ගැනීමට වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්වී තිබේ.
ඇමරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ මේ මගින් හෙදියන් 250කට, රසායනාගාර කාර්මික ශිල්පීන් 100කට හා හෙද සහයකයින් 200කට ඇමරිකාවේ රැකියා ලබා ගැනීමට හැකි වන බවයි.
මෙම රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පූර්ණ රාජ්‍ය අනුබද්ධිත ආයතනයක් වන SLFEA ආයතනය විසින් සිදුකිරීමට නියමිතය.
217 Views
Comments