පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය හුදෙකලා කෙරේ

කොළඹ තිඹිරිගස්යායේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමග එම භූමිය සම්පූර්ණයෙන්ම දින දාහතරකට හුදෙකලා කිරීමට ඊයේ (25 වැනිදා) පස්වරුවේ තීරණය කෙරිණි.
පොලිසියේ කොවිඩ් පොකුර ඊයේ (25 වැනිදා) වන විට 1500 ඉක්මවා යාමත් වැඩිපුර පිරිසක් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් වාර්තා වීමත් නිසා මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මෙම ප්‍රදේශයේ ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බළකායට පවරා තිබේ.
පොලිස්පති චන්දන වික්‍රමරත්න හා සෞඛ්‍ය අංශ දුන් උපදෙස් මත මෙම හුදෙකලා කිරීම කර ඇත.
761 Views
Comments