පොලිස් ඇඳිරි නීතියත් සමග බස්නාහිර පළාතේ කොටුවූ පුද්ගලයින්ට ගමට යන්න වැඩපිළිවෙළක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

පොලිස් ඇඳිරි නීතියත් සමග බස්නාහිර පළාතේ කොටුවූ පුද්ගලයින්ට ගමට යන්න වැඩපිළිවෙළක්

පොලිස් ඇඳිරි නීතියත් සමග බස්නාහිර පළාතේ කොටුවූ පුද්ගලයින්ට ගමට යන්න වැඩපිළිවෙළක්

පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතේ ප්‍රධාන නගරවල සිර වී සිටින විවිධ රාජකාරී සඳහා තාවකාලිකව නවාතැන්පොළවල සිටි පුද්ගලයින් නැවත ඔවුන්ගේ ගම්බිම් බලා ප්‍රවාහනයට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

 

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද ෆ්ලීට් රොෂාන් ගුණතිලක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බවයි.

 

නැවත ගම්බිම් කරා යාමට පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙම පිරිස් දැඩි පීඩාවට පත්ව සිටින බවට අනාවරණ වූ බවද ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ය.

 

ඒ අනුව සුදුසු ක්‍රමවේදයක් භාවිත කරමින් කඩිනමින් ඔවුන් ගම්බිම් බලා ප්‍රවාහනය කරනු ඇති.

 

තමන් එලෙස පීඩාවට පත්ව සිටී නම් ඒ පිළිබඳව ළඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙස ද ආණ්ඩුකාරවරයා එම පුද්ගලයින්ට දැනුම් දෙයි.

views

775 Views

Comments

arrow-up