JUN
05
ඇළට වැටී මිලින වූ පුංචි මල් කැකුල

කිලිනොච්චිය,මරුදනගර් ප්‍රදේශයේ ඇළකට වැටී වයස අවුරුදු එකහාමාරක දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි.
නිවස ඉදිරිපිට ඇති කුඹුරුවලට ජලය රැගෙන යන ඇළමාර්ගයකට මෙලෙස වැටීමෙන් දරුවා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
කිලිනොච්චිය, මරුදනගර් පදිංචි නිශාන්තන් සබීසන් නැමති වයස අවුරුදු එක හමාරක පිරිමි දරුවෙක් එලෙස මියගොස් ඇත.
මියගිය දරුවා නිවසේ සෙල්ලම් කරමින් සිටියදී ඇළට ගොස් ඇති බවත් දරුවා පිළිබඳ මව විසින් පසුව සොයාබැලීමකදී ඇළ මාර්ගයේ දිය යට තිබී දරුවාගේ සිරුර හමුවී තිබේ.
670 Views
Comments