නව කැබිනෙට්ටුව අද පෙරවරු 10.30ට දිව්රුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

නව කැබිනෙට්ටුව අද පෙරවරු 10.30ට දිව්රුම් දෙයි

නව කැබිනෙට්ටුව අද පෙරවරු 10.30ට දිව්රුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු අද (18) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

 

ඒ අනුව අද පෙරවරු 10.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී මෙම මන්ත්‍රීවරුන් නව අමාත්‍යවරුන් ලෙස දිව්රුම් දෙනු ඇති.

 

ජනාධිපති මන්දිරයේ දී පැවැත්වෙන මෙම අවස්ථාවට පෙර කැබිනට් අමාත්‍ය ධුර දැරූ ඇතැම් ප්‍රබල මැතිවරුන් එක්නොවන බව ද වාර්තා වනවා.

 

ඒ අතර හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙන්ම හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ද තමන් තනතුරු ලැබුණ ද ඒවා පිළිනොගන්නා බවත් ඊයේ නිවේදනය කළා.

views

2081 Views

Comments

arrow-up