ගාල්ලේ ජනප්‍රිය පාසලක 10 ශ්‍රේණියේ සිසුවෙක් ශිෂ්‍ය නායකයෙකුට දත් 04ක් ගැලවෙන්න ගහලා

ගාල්ලේ ජනප්‍රිය පාසලක 09 වසරේ සහ 10 වසරේ සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට ඉදිරිපත් වූ ශිෂ්‍ය නායකයෙකුගේ දත් හතරක් කැඩෙන්නට 10 වසරේ සිසුවා පහර දී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ 09 වසරේ සිසුවා ගැහැණු ළමයෙකු සම්බන්ධයෙන් 10 වසරේ සිසුවාට විහිළු කිරීම නිසා 10 වසරේ සිසුවා 09 වසරේ සිසුවාට පහරදී ඇති බවය.
එසේ පහර දෙමින් සිටියදී එය වැළැක්වීම සඳහා 10 වසරේ ශිෂ්‍ය නායකයා ගොස් ඇති අතර එම අවස්ථාවේ 10 වසරේ සිසුවා ශිෂ්‍ය නායකයාටද පහරදී ඇත.
එසේ පහරදීම නිසා ශිෂ්‍ය නායකයාගේ දත් දෙකක් කැඩී බිමට වැටී අතර තවත් දත් දෙකක් සෙළවීමට පටන්ගෙන ඇත.
පාසල නිමවීමෙන් පසු පිටතට පැමිණි ශිෂ්‍ය නායකයා බිම වැටී දත් කැඩුණ බව පවසා බිම වැටී තිබූ දත් දෙකද අහුලාගෙන පියා සමග පුද්ගලික රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගෙන් ගොස් ඇත.
පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත. ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා චෞද්රි මහත්මිය ඇතුලු නිලධාරින් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
මෙයට පෙර ඉකුත් සතියේ ගාල්ලේ තවත් ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකදී පහරකෑමට ලක්වූ සිසුන් තිදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සිසුන් හතර දෙනෙකුද ඇප මත මුදා හැර ඇත.
254 Views
Comments