සංචරණ සීමා ගැන තීන්දු ගැනෙන විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ

ඉදිරි සංචරණ සීමාවන් පැනවීම සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණයන් ගැනෙන විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සංචරණ සීමා දීර්ඝ කරනවාද නැතිද යන්න මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
එසේම මෙහිදී රටේ වත්මන් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන්සේම එය පාලනයට ගතයුතු ක්‍රියාමාර්ගයන් රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.
තවද පළාත් අතර සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවාද ආදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.
912 Views
Comments